බත් සමඟ බස්........


ම මේ කියන්න යන්නේ අද උදේ මම දැක්ක පොඩි සිද්ධියක්,මෙක උනේ මම බස් එකේ office එකට යන අතරමගදී.මම ඉන්නේ මාතලේ වැඩ කරන්නෙ නුවර වැඩට යන්නේ අනුරධපුර,පොළොන්නරුව වගේ දුර ඉදලා එන බස් වල,මොකද එවාගේ අවොත් තමා රතු ඉර ගහන්න කලින office එකට යන්න පුළුවන් වෙන්නේ.අදත් මම පුරුදු විදියට දුර ඉඳල එන බස් එකකට නැග්ගා.මම බස් එකට නගින කොටත් එකේ හොඳටම සෙනඟ,කොහොම හරි දනිපනි ගාලා කොනක් අල්ල ගත්තා.ටික දුරක් යනකොට බස් එකේ ඉඳගෙන හිටිය ගෑනු කෙනෙක් එකපාරටම බෑග් එකට අත දාලා කෑම පෙට්ටියක් අරගත්තා.මම හිතුවේ මොනවහරි පොඩි කෑමක් වෙන්න ඇති කියල.බැලින්නම් බත් එකක්.බස් එකේ හිටිය හැමෝම එක එක්කෙනගේ මුණු බලාගත්තා මොකද? මෙවගේ දෙයක් කවදාවත දැකලා තිබුණේ නැති නිසා. දන්නවනේ දුර ඉඳන් එන බස් පුදුම වෙගෙකින් නේ යන්නේ.....එවගේ යන්න නම් අත් හතරක් වත් ඔනේ.නැත්නම් විසිවෙවී තමයි යන්න වෙන්නේ.එහෙම බස් එකෙත් මේ ගෑනු කෙනා බත් කනවා හැන්දකින්....අනේ මන්දා මෙවා කාටා කියන්නද කියලා.බස් එකේ කට පිරෙන්න සෙනඟ,ඒ මදිවට වැනෙනවා වීදුරුත් ඇරලා එවයින් දූවිලිත් එනවා එත් මෙ ගෑනු කෙනා කිසි හැලහොල්මනක් නැතිව බත් කනවා.මට පුදුමත් හිතුනා!මේ වැඩේ ගැන.අපි අපේ එදිනෙදා ජීවිත වල කාර්යය බහුලයි තමා එත් මෙච්චර කාර්යය බහුලද?කන්නවත් වෙලාව නැද්ද නිදහසේ.......මේ අය මේ කොහෙද දුවන්නේ මෙහෙම දුවල කොහෙන් නවතීවිද?නොනැවතීම දුවයිද?එහෙම දුවන්ඩ පුලුවන් වෙයිද?මෙවා තමා ඉතුරු වෙන ගැටළු....නිකමට හිතන්ඩ break පාරකට ගැස්සිලා ගිහිල්ලා ඔයා කෑම එක වෙන කෙනෙකුගෙ ඇගේ හැලුනොත් මොනවගේ දෙයක් වෙයිද?කාලය කළමණාකරනය කර ගත්තට කමක් නෑ එත් එක එක දේ කරන්ඩ නියමිත තැන් තියනවා එහෙම නොවුනොත් කාගෙත් හිනාවට ලක් වෙයි!

12 comments:

  1. කෝච්චියේ නම් ඔය වගේ දේවල් ඕන තරම් තියෙනවා.මිනිස්සුන්ට ජීවත්වෙන්නේ මොකටද කියලත් අමතක උනු කාලයක් මේ.ඕවා සාමාන්‍ය දෙවල් වේවි බO තව ටික කාලයක් යද්දි.යමක් කමක් තියන අයට උනත් ගිවිතේ ගෙනියන්න පොඩි සටනක් දෙන්න වෙනවා ඒක තමයි ඇත්ත.ඒ සටනට මුහුන දෙනකොට තමුන්ට තමුන්වත් අහිමි වෙනවා තමුන්ටත් නොදැනිම.මේවා තමයි අලුත්ම සුභ අනාගතේ ලක්ෂණ....ජය වේවා!!!

    ReplyDelete
  2. හිනාවෙන්න එපා මචන්. අද අපි ඔක්කොම ඔය වගේ තමා. ජීවිතෙ යුද්දයක් වෙලා. හුස්මක් ගන්න... නිදහසෙ අපේ තාත්තල වගේ මිදුල වටෙ රව්මක් දාන්න... දිගෑදිල පත්ත්යරයක් බල්න්න... හවසට හන්දිය පැත්තෙ ගිහින් කය්යක් දාන්න... වෙලාවක් නැහ.. කර්මයක් තමා.. ඒත් ඌක තමා අනාගතය.

    ReplyDelete
  3. අපි ඔක්කොම රේස් එකක් හැල්මේ දුවනවා :(

    ReplyDelete
  4. මොනවා කියනවද ?මටත් පැය 24 මදිවෙලා ඉන්නෙ

    ReplyDelete
  5. අපි හැමෝම දුවනවා.දුවලා දුවලා හති වැටිලා බලනකොට මොනවද ලබාගන තියෙන්නෙ? ඉතුරු වෙන්නේ දුක විතරයි ගොඩක් දෙනෙකුට

    ReplyDelete
  6. ජීවිතය තරඟයක් බව දැන දැන අපි ඇයි දුවන්නේ.

    ReplyDelete
  7. ඔහොම තමා ජිවිතේ
    අපි ඔක්කොම හති වැටෙනකම් හැල්මේ දුවනවා. අන්තිමට මොකද වෙන්නේ !

    ReplyDelete
  8. මාත් එක දවසක් මෙහෙම බත් කාල තියෙනව.. දුරගමන් බස් එකක.. තේ බොන්න නතර කළ වෙලාවෙ.. එදා කාර්යබහුලම දවසක්. ඒ වගෙම ඒ බස් කන්න නතර කරන කඩ වලින් කන්න බෑ නෙ.. වෙනස්කම් දෙකක් ඔයිට වඩා..එකක් බස් එක නතර කළාම , හැබැයි අතින් බෑග් එකේ තිබුන වතුර බෝතලෙන් අත හෝදගෙන, කාල ආයෙ ඒකෙන්ම අත හෝද ගත්ත...මට නම් එදා ඒ කෑම අත්‍යවශ්‍ය වෙලාවක්..

    ReplyDelete
  9. බස් එක නවත්තන්නෙ කෑම කන්නනෙ ඒ වෙලාවට කෑම නං අවුලක් නෑ නිවාඩු පාඩුවෙ කන්න පුළුවන්. හයියෙන් යද්දි කෑම තමයි සිරා වැඩේ. එයාටත් එදා විතරක් කරන්න වෙච්ච වැඩක්ද කවුද දන්නේ. ඕව එච්චර සීරියස් ගන්න එපා. කාටත් ජීවිතේ එක පාරක් හරි ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මටත් වෙලා තියනවා. ඒත් මං පැය 24 මදිවෙලා දඟලන කෙනෙක් නෙවෙයි. cool එකේ ඉන්න කැම්පස් කොල්ලෙක්.
    /දොඩන්

    ReplyDelete
  10. Anonymous යාලුව කියන්නා වගේ, මමත් ජීවිතේ විඳින්න වෙලාවක් තියාගන රස්සාව කරන මනුස්සයෙක්!! ඕටී කෑල්ලකට වඩා කොච්චර සැපද නිදහස!!!
    ඒත් ඉතින් රේස් එකනම් කාටත් එකයි තමා!!!

    ReplyDelete