හෝව් බස් එක...හෝව්...

යාළුවනේ...හුඟ දවසකට පස්සේ නේද?.....මොනවා කියන්නද ඉතින් හැමෝම කියනවා වගේ මමත් කාර්ය‍ය් බහුල උනා...මම තවත් පුංචි සිද්ධියක් අත්දුටුවා මේ ලඟදි දවසක මෙකත් උනේ බස් එකේ වැඩ ඇරිලා ගෙදර එද්දි හවස 6.15 විතර ඇති මම බස් එකට නගිනකොට.බස් එක කොළඹ ඉදන් මාතලේ යන එකක් මම නැංගේ නුවරින්.ටිකක් කළුවර වෙලා තිබුන නිසා මමත් එල්ලුනා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.බස් එකේ කට පිරෙන්ඩ සෙනඟ ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නෑ.ඔන්න බස් එක කටුගස්තොට හරියට ආවා එතකොට හුඟක් කළුවර වෙලා.වැඩේ කියන්නේ මෙ බස් එකේ light වැඩ නෑ කියල දන්නෙ එත්කොටයි අපි.කොටින්ම බස් එකේ ඇතුලෙත් එලියක් නෑ පිටත් කිසිම එලියක් නෑ...ලඟ හිටිය කෙනාවත් පෙනුනෙ නෑ.රියදුරාට කිසිම ගනක් නෑ එයා එයගෙ රාජකාරිය කරනවා ගෝලයා එයාගෙ රාජකරිය කරනවා හැබැයි බස් එකේ කිසිම එලියක් නෑ...බස් එකේ ගියපු අයත් නිකන් හිටියෙ නෑ එයලත් හතර අතට Call කරන්ඩ පටන් ගත්තා.මගී ප්‍රවාහන අධිකාරියටයි පොලිසි වලටයි "රියදුරා මගීන්ගේ ජීවිත අවදානමට ලක් වෙන ලෙස රිය පදවනවා කියලා"බස් එක පිරිලා තිබුනේ මිනුස්සුන්ගෙන් විතරක් නෙමේ දෝශාරෝපණ වලිනුත් එක පිරිලයි තිබුනේ.ටික දුරක් යනකොට Van එකක් අවිල්ලා බස් එකට හරස් කරලා නැවැත්තුව පොලිස් රාළහාමි කෙනෙක් වාහනයෙන් බැස්සා ඔක්කොම හිතුවෙ දුන්න Call එකක් වැඩ කරලා තමයි රියදුරා පොලිසියේ තමයි කියලා.මොන පිස්සුද රාලහාමි ඇවිල්ල තියෙන්නෙත් බස් එකට නගින්ඩ බස් එකෙ හිටිය හැමෝගෙම කටවල් ඇරුනේ බනින්ඩ නෙමෙයි ඒ හිනාවෙන්ඩ.ඒ හිනව අතුලෙ ලොකු අවදානමක් තිබුනා කියලා බස් එකෙ ගිය කවුරුත් දැනගෙන හිටියා.තව ටිකක් දුර යන්කොට බස් එකේ හිටිය මගියෙක් "ඉස්සරහ Halt එකේ බහිනවා"කියල කිව්වා එතකොට රියදුර කියනව "මට Halt එක පෙනෙන්නෙ නැතෝ'කියලා.

මෙ වගේ පොඩි පොඩි සිද්ධිත් එක්ක බස් එක කිසිම කරදරයක් නැතුව මාතලේට ආවා.රියදුරා බෝහොම සන්තෝස වෙන්ඩ ඇති තමන් කරපු වීරක්‍රියාව ගැන.අද කිසිම අනතුරක් නොඋනාට මේ අත්දැකීම හින්දා තවත් දවසක ලොකු අනතුරක් වෙන්ඩ පුළුවන්.ඒ අනතුරෙන් අහිංසක ජීවිත වලට හානි වෙන්ඩ පුලුවන්.දරුවන්ට දෙමව්පියන්,අඹුවන්ට සැමියන් වගේම රටට වැඩකට ඇති ජීවිත වලට හානි වෙන්ඩ පුළුවන්..... මගේ අදහස නම් අපි අනුන්ගෙ ජීවිත වල අවදානම ගන්ඩ හොඳ නෑ.අපේ ජීවිත වල අවදානම ගනිද්දි පවා දෙපරක් හිතන්නේ නැතුව දහපාරක්වත් හිතන්ඩ කියලා.මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකි නිසා.ඔයාලා මොකද හිතන්නේ....