අපි ගැන කථා කරන්න මෙතන ඔබන්න.....





මම මෙ කියන්න යන්නේ මගේ යළුවෙකුට ටික දවසකට කලින් උන පොඩි සිද්ධියක්,මෙයාගෙ නම කණිෂ්ක පිස්සු පොරක් පොඩි දෙටත් කලබල වෙනව හරි හදිස්සිකාරයා මිනිහගේ ඇස් දෙකේ පොඩි අවුලක් තිබ්බා පොඩ්ඩක් විතර දෙක දෙක පේන ගතියක්.කිසිම දෙයක් දිහා බලන්න බෑ ඔක්කොම දෙක දෙක තමයි පෙනුනෙ.බැoකුවෙන් සල්ලි එහෙම ගන්න ගියම හැම වෙලවෙම හිතන්නෙ බැoකුවට වැරදුනා කියලා.මිනිහා දවසක් උදේම ඇස් දොස්තර එනකුට පෙන්නන්න කියල හිතගෙන චැන්ල් සෙන්ටර් එකකට ගියා.කරුමෙට දොස්තර එනව කියල තියෙන්නෙ හවස 5.00 ට දැන් ඉතින් මොනව කරන්නද කියල මිනිහ ආපහු හැරිල වැඩට ගිහිල්ලා.ඔන්න හවස වැඩ ඇරිල චැන්ල් සෙන්ටර් එකට යන ගමන් නිකමට වගේ call කරලා දොස්තර ඇවිල්ලා ඉන්නවද කියල බලන්න.මොනව කරන්නද  දෙතුන් පාරක්ම කරලා එත් කථා කරන්න බැරි වෙලා.මිනිහ කොකටත් ඇවිදින ගමන්ම හදිස්සියෙන්ම  තව පාරක් කථා කරලා phone එක ring වෙලා කෙනෙක්  answer කරලා ටිකක් හුරු කටහඩකින් "හලෝ" කියලා එක පාරටම දොස්තරගෙ නම කියලා, ඇවිල්ලා ඉන්නවද කියලා අහලා.එහා පැත්තෙ ඉන්න කෙනා මොන දොස්තරලද කියලා phone එක තියලා.අපේ මනුස්සයා අන්දුන්කුන්දුන් වෙලා මේ මොකද උනේ කියලා.බලපුවහම මිනිහා call කරලා තියෙන්නේ පොරගෙම ගෙදරට,අම්මා තමයි phone එකට answer කරලා තියෙන්නේ.මෙකේ නරකම දේ තමයි මෙ වෙච්ච දේ හැම තැනම කිය කිය යන එක.පොඩ්ඩක් හිතල බලන්න කටක් ඇරලා කථා කරන්න පුලුවන් දෙයක්ද මුට වෙලා තියෙන්නේ කියලා.


මතකතියගන්න මෙ වගේ දෙවල් ඔයාලටත් වෙන්න පුලුවන් කලබල වෙන්නෙ නැතුව ඔළුව කෙලින් තියගෙන වැඩ කරන්න හිතට ගන්න.