මගේ පුංචි බෝනික්කි...




නුඹ දුටු ඒ මුල් දිනයේ
කිසිදා නොදැනුන හැඟුමක්
මගේ තුන් සිත පුරා දුවපු
හැටි දන්නේ නැහැ නුඹ නම්...

මගේ හීන මාළිගයේ
රැජිණිය කර ආදරයෙන්
දිවිය තිබෙන තුරා මගේ
නුඹ රැක ගන්නම්...

හිතන හිතන හැම දේමත්
පතන පතන හැම දේමත්
රෝස මලේ නුඹ ගැන බව
නුඹ දන්නවා නම්...

හුණු කඳුලැලි කැට වැටිලා
ඔය කම්මුල් තෙත් කරන්න
ඉඩ දෙන් නෑ කිසි දිනයක
මගේ පුංච් බෝනික්කියේ...

ඒ වෙනුවට හාදු තියා
සිනහ දියෙන් දෝවාලා
සුවඳ සඳුන් ගල්වන්නට
පොරොන්දු වෙන්නම්...

No comments:

Post a Comment