ජීවිතේ...



බලාපොරොත්තු ගොන්නක්
පරණ ගරාදි වැටක් වගේ
එකිනෙක කඩාගෙන වැටෙනවා
මට දැනෙනවා
ජීවිතේ හැම තැනින්ම පරාජය
තියන හැම පියවරක්ම අඩි ගානක්
පස්සට යන විත්තිය
මට දැනෙනවා
දවසක දිනයි හැම දේම හරි යයි
කියන පැතුම විතරක් හිතේ තියගෙන
මම ඉන්නවා
මෙක තමයි ජීවිතේ
දැන් මම ඒක හොදට
අදුනනවා....

ලබන අගෝස්තුව

පුංචි තරු කැට අහස් තලයේ
තබා සේයා රූ මවා
ඇන්ද සිත්තම් මතකේ නැඟුනා
මගේ පපු තුල මුව හොවා..

ඔය දෙතොල් මගේ ලවන් පෙති තුල
තබ තබා හද කිති කවා
සොදුරු ප්‍රේමෙක සුවය වින්ඳා
ලබැදි ප්‍රේමිය හා එදා..

ල්ංව උන් ඒ මිහිරි මතකය
දැවි දැවී හිත පාරවා
යටින් ලෝ දිය ඟගක් ගැලුවා
කදුලු වගුරක මා හොවා..

ආලයේ සුන්බුන් මැදින් මම
සැරි සරන හැම දිනක දී
මුතු කදුලු මල් වැල් ගලා
කොපුල් තෙමුනා හිරි වැටී..

ගව් සියක් ගව් ගණන් ඈතින්
දිවි ගෙවන මගේ කුමරියේ
මුව දකින්නට බලා ඉන්නෙමි
ලබන අග අටවෙනි මහේ..