හෝව් බස් එක...හෝව්...

යාළුවනේ...හුඟ දවසකට පස්සේ නේද?.....මොනවා කියන්නද ඉතින් හැමෝම කියනවා වගේ මමත් කාර්ය‍ය් බහුල උනා...මම තවත් පුංචි සිද්ධියක් අත්දුටුවා මේ ලඟදි දවසක මෙකත් උනේ බස් එකේ වැඩ ඇරිලා ගෙදර එද්දි හවස 6.15 විතර ඇති මම බස් එකට නගිනකොට.බස් එක කොළඹ ඉදන් මාතලේ යන එකක් මම නැංගේ නුවරින්.ටිකක් කළුවර වෙලා තිබුන නිසා මමත් එල්ලුනා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.බස් එකේ කට පිරෙන්ඩ සෙනඟ ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නෑ.ඔන්න බස් එක කටුගස්තොට හරියට ආවා එතකොට හුඟක් කළුවර වෙලා.වැඩේ කියන්නේ මෙ බස් එකේ light වැඩ නෑ කියල දන්නෙ එත්කොටයි අපි.කොටින්ම බස් එකේ ඇතුලෙත් එලියක් නෑ පිටත් කිසිම එලියක් නෑ...ලඟ හිටිය කෙනාවත් පෙනුනෙ නෑ.රියදුරාට කිසිම ගනක් නෑ එයා එයගෙ රාජකාරිය කරනවා ගෝලයා එයාගෙ රාජකරිය කරනවා හැබැයි බස් එකේ කිසිම එලියක් නෑ...බස් එකේ ගියපු අයත් නිකන් හිටියෙ නෑ එයලත් හතර අතට Call කරන්ඩ පටන් ගත්තා.මගී ප්‍රවාහන අධිකාරියටයි පොලිසි වලටයි "රියදුරා මගීන්ගේ ජීවිත අවදානමට ලක් වෙන ලෙස රිය පදවනවා කියලා"බස් එක පිරිලා තිබුනේ මිනුස්සුන්ගෙන් විතරක් නෙමේ දෝශාරෝපණ වලිනුත් එක පිරිලයි තිබුනේ.ටික දුරක් යනකොට Van එකක් අවිල්ලා බස් එකට හරස් කරලා නැවැත්තුව පොලිස් රාළහාමි කෙනෙක් වාහනයෙන් බැස්සා ඔක්කොම හිතුවෙ දුන්න Call එකක් වැඩ කරලා තමයි රියදුරා පොලිසියේ තමයි කියලා.මොන පිස්සුද රාලහාමි ඇවිල්ල තියෙන්නෙත් බස් එකට නගින්ඩ බස් එකෙ හිටිය හැමෝගෙම කටවල් ඇරුනේ බනින්ඩ නෙමෙයි ඒ හිනාවෙන්ඩ.ඒ හිනව අතුලෙ ලොකු අවදානමක් තිබුනා කියලා බස් එකෙ ගිය කවුරුත් දැනගෙන හිටියා.තව ටිකක් දුර යන්කොට බස් එකේ හිටිය මගියෙක් "ඉස්සරහ Halt එකේ බහිනවා"කියල කිව්වා එතකොට රියදුර කියනව "මට Halt එක පෙනෙන්නෙ නැතෝ'කියලා.

මෙ වගේ පොඩි පොඩි සිද්ධිත් එක්ක බස් එක කිසිම කරදරයක් නැතුව මාතලේට ආවා.රියදුරා බෝහොම සන්තෝස වෙන්ඩ ඇති තමන් කරපු වීරක්‍රියාව ගැන.අද කිසිම අනතුරක් නොඋනාට මේ අත්දැකීම හින්දා තවත් දවසක ලොකු අනතුරක් වෙන්ඩ පුළුවන්.ඒ අනතුරෙන් අහිංසක ජීවිත වලට හානි වෙන්ඩ පුලුවන්.දරුවන්ට දෙමව්පියන්,අඹුවන්ට සැමියන් වගේම රටට වැඩකට ඇති ජීවිත වලට හානි වෙන්ඩ පුළුවන්..... මගේ අදහස නම් අපි අනුන්ගෙ ජීවිත වල අවදානම ගන්ඩ හොඳ නෑ.අපේ ජීවිත වල අවදානම ගනිද්දි පවා දෙපරක් හිතන්නේ නැතුව දහපාරක්වත් හිතන්ඩ කියලා.මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකි නිසා.ඔයාලා මොකද හිතන්නේ....

Firefox ද use කරන්නේ මෙකත් කරල බලන්න Speed එක වැඩි වෙනවා.

ඔයලා "Mozilla Firefox" ද use කරන්නේ.එහෙනම් මෙන්න මරු වැඩක් තියනවා speed එක වැඩි කර ගන්න.

                            සමහර විට දන්නවත් ඇති දන්නැති අය කරල බලන්න දන්න අය.......ඒ අයත් අයමත් කරල බලන්න...දන්නවනම් ඉතින් මොනව කරන්නද නේ....වැඩි කතා නැතුව වැඩේට බහිමු.


මේකෙන් ඔයලට හොයාගන්න තියන දේවල් ඉක්මනට හොයගන්න පුලුවන් වෙයි.

01.පියවර
Firefox open කරගන්න.


02.පියවර


location bar එක තුල   about:config  type කරන්න.













03.පියවර

Filter bar ඒක තුල network.http.pipelining  copy කර paste කරන්න. Enter කරන්න

ඉන් පසු එහි value  එක double click  කිරීමෙන් "true"බවට හරවා ගන්න.








04.පියවර

නැවතත් Filter bar ඒක තුල   network.http.pipelining.maxrequests   copy කර paste කරන්න. Enter කරන්න.එහි value එක 4 "8 "ලෙස දෙන්න.
 








05.පියවර

නැවතත් Filter bar ඒක තුල   network.http.proxy.pipelining   copy කර paste කරන්න. Enter කරන්න.එහි value එක "true" ලෙස දෙන්න. 









06.පියවර
 නැවතත් Filter bar ඒක තුල    network.dns.disableIPv6   copy කර paste කරන්න. Enter කරන්න.එහි value එක "true" ලෙස දෙන්න. 








07.පියවර
  නැවතත් Filter bar ඒක තුල    plugin.expose_full_path   copy කර paste කරන්න. Enter කරන්න.එහි value එක "true" ලෙස දෙන්න. 








08.පියවර

"02.පියවර" නැවත කරන්න. ඉන් පසු එහි ඕනෑම තැනක "Right click -> New -> Integer"    click කරන්න.
















මෙවැනි  screen එකක් මතු වෙයි











එහි මෙය    nglayout.initialpaint.delay     copy කර  paste  කර "Ok"  කරන්න.









ඉන් පසු එහි අගය "0" ලෙස දෙන්න.










09.පියවර
 නැවතත් "Right click -> New -> Integer"    click කරන්න.














එහි මෙය    content.notify.backoffcount    copy කර  paste  කර "Ok"  කරන්න


ඉන් පසු එහි අගය "5" ලෙස දෙන්න.











10.පියවර
  නැවතත් "Right click -> New -> Integer"    click කරන්න.

 එහි මෙය   ui.submenuDelay    copy කර  paste  කර "Ok"  කරන්න

ඉන් පසු එහි අගය "0" ලෙස දෙන්න. 










ඔන්න ඒ පියවර ටිකනම් ඉවරයි මහන්සි නේද?....කරන්ඩ දෙයක් නෑ මෙකත් කරන්ඩම වෙනවා..

නැවතත් "Right click -> New -> Integer"    click කරන්න.















එහි මෙය   browser.cache.memory.capacity copy කර  paste  කර "Ok"  කරන්න.

ඉන් පසු එහි අගය"16384" ලෙස හෝ "32768" ලෙස දෙන්න.  


දැන් Computer එක Restart කරන්න.හැබැයි මෙක වැඩ කරන්නනම් Computer එක අපහු දල Firefox වල මොකක් හරි  Search කරල බලන්න ඕනේ....


කාල බලලම රහ කියන්නත් අමතක කරන්න එපා හොදේ...

Broadband Connection එකේ speed වැඩි කර ගන්න ක්‍රමයක්..

ඔන්න අහගන්න Broadband Connection පාවිච්චි කරන අයට Windows XP වලදී Speed එක ටිකක් විතර වැඩි කරගන්න ක්‍රමයක් තියනවා.....

දන්න අයට අහක බලන්නත් නොදන්න අයට දැන ගන්නත් ඔන්න ලියනවා.කරලා බලලා ගුණ අගුණ කියන්ඩකෝ......

01. පියවර

Start Button එක  Click කරල "Run"  Select කරන්න. 


 

 

02.පියවර

Run තුල "GPedit.msc" type කරලා Enter කරන්න.එවිට"Group Policy"  කියලා Window එකක් Open වෙයි.

    

 

 

 

 

 

 03.පියවර

.එකේ"Computer Configurations"  යටතේ  "Administrative Templates" folder      එක ඉදිරියේ තිබෙන "+" ලකුණ ඔබා  folder  එක  දිගහැරගන්න.එහි තුල තිබෙන "Network" folder එකද පෙර ලෙසම" +" ලකුණ ඔබා දිගහැරගන්න.

 

 

 

 

 

 

 

04.පියවර

එහි තුල තිබෙන"QoS Packet Scheduler" මත double click  කරන්න.එවිට දකුණු පසින් තවත් folder  කීපයක් open  වෙයි.එහි "Limit Reservable Bandwidth."මත double click කරන්න.

05.පියවර

 එවිට "Limit Reservable Bandwidth Properties"තවත් folder එකක් open වෙයි.එහි setting tab එක යටතේ "Enabled"ලෙස ලකුණු කර"Bandwidth Limit" එක "0%"ලෙස දෙන්න.

 

 

 

 

 

 

 

 06.පියවර

ඉන් පසු "OK" කර Computer restart කර බලන්න.

වැඩේ ගොඩද....?





හොරෙන් ගැන්නෙමි...

හොරෙන් ගැන්නෙමි
නුඹ සැලූ නෙතු පියන්
වාර ගණන....

හොරෙන් ගැන්නෙමි
නුඹ හෙලූ හඳ සුසුම්
වාර ගණන....

හොරෙන් ගැන්නෙමි
නුඹ තැබූ පාද පියවර
වාර ගණන...

නුඹත් නොදනින
නුඹැ සලූ...
නුඹ හෙලූ...
නුඹ තැබූ...
නෙතු පියන්...
හඳ සුසුම්...
පාද පියවර...
ගණන් පවසමි
නුඹ අසයි නම්!

එයාගේ Moods වෙනස් වෙන විදියට ඔයා Codes මතක තියගන්න ඔනේ නෑ......

ඔයලා Facebook ඉන්නවද....?එහෙනම් මෙක ඔන වේයි........download කර ගන්නකෝ ඔන්න link එක

 

http://facemoods.com/                                
 

සමහර අය නම් දන්නව ඇති.දන්නේ නැති අයට ඔන්න ගන්න.......හිනා වෙන අඩන මූණු...... Codes මතක තියගන්න ඔනෙ නෑ.......... ඕන තර්ම් තියනවා ගන්න........හොදයිද?නැද්ද කියල කියන්නකෝ

 

බත් සමඟ බස්........


ම මේ කියන්න යන්නේ අද උදේ මම දැක්ක පොඩි සිද්ධියක්,මෙක උනේ මම බස් එකේ office එකට යන අතරමගදී.මම ඉන්නේ මාතලේ වැඩ කරන්නෙ නුවර වැඩට යන්නේ අනුරධපුර,පොළොන්නරුව වගේ දුර ඉදලා එන බස් වල,මොකද එවාගේ අවොත් තමා රතු ඉර ගහන්න කලින office එකට යන්න පුළුවන් වෙන්නේ.අදත් මම පුරුදු විදියට දුර ඉඳල එන බස් එකකට නැග්ගා.මම බස් එකට නගින කොටත් එකේ හොඳටම සෙනඟ,කොහොම හරි දනිපනි ගාලා කොනක් අල්ල ගත්තා.ටික දුරක් යනකොට බස් එකේ ඉඳගෙන හිටිය ගෑනු කෙනෙක් එකපාරටම බෑග් එකට අත දාලා කෑම පෙට්ටියක් අරගත්තා.මම හිතුවේ මොනවහරි පොඩි කෑමක් වෙන්න ඇති කියල.බැලින්නම් බත් එකක්.බස් එකේ හිටිය හැමෝම එක එක්කෙනගේ මුණු බලාගත්තා මොකද? මෙවගේ දෙයක් කවදාවත දැකලා තිබුණේ නැති නිසා. දන්නවනේ දුර ඉඳන් එන බස් පුදුම වෙගෙකින් නේ යන්නේ.....එවගේ යන්න නම් අත් හතරක් වත් ඔනේ.නැත්නම් විසිවෙවී තමයි යන්න වෙන්නේ.එහෙම බස් එකෙත් මේ ගෑනු කෙනා බත් කනවා හැන්දකින්....අනේ මන්දා මෙවා කාටා කියන්නද කියලා.බස් එකේ කට පිරෙන්න සෙනඟ,ඒ මදිවට වැනෙනවා වීදුරුත් ඇරලා එවයින් දූවිලිත් එනවා එත් මෙ ගෑනු කෙනා කිසි හැලහොල්මනක් නැතිව බත් කනවා.මට පුදුමත් හිතුනා!මේ වැඩේ ගැන.අපි අපේ එදිනෙදා ජීවිත වල කාර්යය බහුලයි තමා එත් මෙච්චර කාර්යය බහුලද?කන්නවත් වෙලාව නැද්ද නිදහසේ.......මේ අය මේ කොහෙද දුවන්නේ මෙහෙම දුවල කොහෙන් නවතීවිද?නොනැවතීම දුවයිද?එහෙම දුවන්ඩ පුලුවන් වෙයිද?මෙවා තමා ඉතුරු වෙන ගැටළු....නිකමට හිතන්ඩ break පාරකට ගැස්සිලා ගිහිල්ලා ඔයා කෑම එක වෙන කෙනෙකුගෙ ඇගේ හැලුනොත් මොනවගේ දෙයක් වෙයිද?කාලය කළමණාකරනය කර ගත්තට කමක් නෑ එත් එක එක දේ කරන්ඩ නියමිත තැන් තියනවා එහෙම නොවුනොත් කාගෙත් හිනාවට ලක් වෙයි!

ලොතරැයිය.........

අංක එක,දෙක,තුනෙන්
ජය මල්ල මඟ ඇරුණ
හැමදාම තට්ටු කර
පෑල දොර හැර පනින......

ජයමල්ල දුටුවාම
හද පතුල සීත වෙන
තව ගනින් තව ගනින්
ජය ගෙනෙන ලොතරැයිය.....

දස ලක්ෂ සිය ලක්ෂ
ගනන් සිහිනෙන් පෙනෙන
ඔන්න ඔය ජයමල්ල
මටම යැයි හැම හිතන.....

ලක්ෂ පනහක් හැටක්
තරඟයට එකතු වන
කූඩුවම පෙරලගෙන
දිනන පත්‍රය සොයන.......

දවසකට එක් කෙනයි
දිනන ලොතරැයිය හිමි
කවද හරි එක දිනක
ඒ කෙනා මම වෙයිද.....?

නුඹයි......මමයි......

Add caption

නුඹ හමන පවන නම්....
මල් කැකුල මම වී
ලතාවට නැලවෙන්නම්......

නුඹ පිණි බිදක් නම්.....
හිරු එළිය මම වී
වර්ණවත් කරලන්නම්......

නුඹ ගලන ගඟ නම්...
ගං ඉවුර මම වී
නුඹව අරගෙන යන්නම්....

නුඹ පුන් සඳක් නම්....
මහ සයුර මම වී
නුඹට නුඹ පෙන්වන්නම්....

නුඹ ඉතින් මගේ නම්....
මම නුඹෙම වී
තුරුළු කර රැක ගන්නම්............


ජීවිතේ....හරි සරල වචනයක් නේ.........එත් එක එහෙමම නෙමෙයි,එක එක අයගෙ ජීවිත එක එක විදිහයි.සමහර අයගෙ ජීවිතේ ලස්සනයි හුගක් ලස්සනයි,හරියට මල් වගේ.සමහර අයගෙ ජීවිතේ සතුටයි දුකයි දෙකම තියනවා,සමබරයි.එත් සමහර අයට හැමවෙලෙම දුක් කරදර,ඉවරයක් නෑ.මොන දේ කරත් හරි යන්නෙ නෑ.මගේ මේ උත්සාහය අපෙ ජීවිත වලට වෙන දේවල්,උන දේවල්,වෙන්න තියන දේවල් ගැන පොඩ්ඩක් කථා කරන එක.

අපි මෙ ලොකෙට බිහි උන දවසේ ඉදල ටිකෙන් ටික ලොකු වෙද්දි එක එක විදිහේ අත්දැකීම් අපේ ජීවිත වලට එකතු උනා.  ගොඩක්් වෙලවට මේ අත්දැකීම් තමයි අපිට ජීවත් වෙන්න උදවු කරන්නෙ.අපේ අත්දැකීම් හැමෝම එක්ක බෙදා ගත්තොත් අපි හැමෝටම ගොඩක් අත්දැකීම් ලැබීවි.....එක හොදයි නේද? මගේ යාළුවනේ.........






ඔබේ Computer එකේ සිංහල ස්ථාපනය කරගන්නා හැටි......

බත් සමඟ බස්..........

අපි ගැන කථා කරන්න මෙතන ඔබන්න.....