නුඹයි......මමයි......

Add caption

නුඹ හමන පවන නම්....
මල් කැකුල මම වී
ලතාවට නැලවෙන්නම්......

නුඹ පිණි බිදක් නම්.....
හිරු එළිය මම වී
වර්ණවත් කරලන්නම්......

නුඹ ගලන ගඟ නම්...
ගං ඉවුර මම වී
නුඹව අරගෙන යන්නම්....

නුඹ පුන් සඳක් නම්....
මහ සයුර මම වී
නුඹට නුඹ පෙන්වන්නම්....

නුඹ ඉතින් මගේ නම්....
මම නුඹෙම වී
තුරුළු කර රැක ගන්නම්............

2 comments: