ලොතරැයිය.........

අංක එක,දෙක,තුනෙන්
ජය මල්ල මඟ ඇරුණ
හැමදාම තට්ටු කර
පෑල දොර හැර පනින......

ජයමල්ල දුටුවාම
හද පතුල සීත වෙන
තව ගනින් තව ගනින්
ජය ගෙනෙන ලොතරැයිය.....

දස ලක්ෂ සිය ලක්ෂ
ගනන් සිහිනෙන් පෙනෙන
ඔන්න ඔය ජයමල්ල
මටම යැයි හැම හිතන.....

ලක්ෂ පනහක් හැටක්
තරඟයට එකතු වන
කූඩුවම පෙරලගෙන
දිනන පත්‍රය සොයන.......

දවසකට එක් කෙනයි
දිනන ලොතරැයිය හිමි
කවද හරි එක දිනක
ඒ කෙනා මම වෙයිද.....?

2 comments:

  1. දිනුමක් ලැබේ යැයි සිතා
    ගත්තු ලොතරැයි පත
    හිමිවුණේ පැරදුමක්
    හිතත් උමතු කර.....

    ReplyDelete
  2. ඔබ ජිවිතයේ යතර්තය දකින මිනිසෙක්.........

    ReplyDelete