හෝව් බස් එක...හෝව්...

යාළුවනේ...හුඟ දවසකට පස්සේ නේද?.....මොනවා කියන්නද ඉතින් හැමෝම කියනවා වගේ මමත් කාර්ය‍ය් බහුල උනා...මම තවත් පුංචි සිද්ධියක් අත්දුටුවා මේ ලඟදි දවසක මෙකත් උනේ බස් එකේ වැඩ ඇරිලා ගෙදර එද්දි හවස 6.15 විතර ඇති මම බස් එකට නගිනකොට.බස් එක කොළඹ ඉදන් මාතලේ යන එකක් මම නැංගේ නුවරින්.ටිකක් කළුවර වෙලා තිබුන නිසා මමත් එල්ලුනා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.බස් එකේ කට පිරෙන්ඩ සෙනඟ ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නෑ.ඔන්න බස් එක කටුගස්තොට හරියට ආවා එතකොට හුඟක් කළුවර වෙලා.වැඩේ කියන්නේ මෙ බස් එකේ light වැඩ නෑ කියල දන්නෙ එත්කොටයි අපි.කොටින්ම බස් එකේ ඇතුලෙත් එලියක් නෑ පිටත් කිසිම එලියක් නෑ...ලඟ හිටිය කෙනාවත් පෙනුනෙ නෑ.රියදුරාට කිසිම ගනක් නෑ එයා එයගෙ රාජකාරිය කරනවා ගෝලයා එයාගෙ රාජකරිය කරනවා හැබැයි බස් එකේ කිසිම එලියක් නෑ...බස් එකේ ගියපු අයත් නිකන් හිටියෙ නෑ එයලත් හතර අතට Call කරන්ඩ පටන් ගත්තා.මගී ප්‍රවාහන අධිකාරියටයි පොලිසි වලටයි "රියදුරා මගීන්ගේ ජීවිත අවදානමට ලක් වෙන ලෙස රිය පදවනවා කියලා"බස් එක පිරිලා තිබුනේ මිනුස්සුන්ගෙන් විතරක් නෙමේ දෝශාරෝපණ වලිනුත් එක පිරිලයි තිබුනේ.ටික දුරක් යනකොට Van එකක් අවිල්ලා බස් එකට හරස් කරලා නැවැත්තුව පොලිස් රාළහාමි කෙනෙක් වාහනයෙන් බැස්සා ඔක්කොම හිතුවෙ දුන්න Call එකක් වැඩ කරලා තමයි රියදුරා පොලිසියේ තමයි කියලා.මොන පිස්සුද රාලහාමි ඇවිල්ල තියෙන්නෙත් බස් එකට නගින්ඩ බස් එකෙ හිටිය හැමෝගෙම කටවල් ඇරුනේ බනින්ඩ නෙමෙයි ඒ හිනාවෙන්ඩ.ඒ හිනව අතුලෙ ලොකු අවදානමක් තිබුනා කියලා බස් එකෙ ගිය කවුරුත් දැනගෙන හිටියා.තව ටිකක් දුර යන්කොට බස් එකේ හිටිය මගියෙක් "ඉස්සරහ Halt එකේ බහිනවා"කියල කිව්වා එතකොට රියදුර කියනව "මට Halt එක පෙනෙන්නෙ නැතෝ'කියලා.

මෙ වගේ පොඩි පොඩි සිද්ධිත් එක්ක බස් එක කිසිම කරදරයක් නැතුව මාතලේට ආවා.රියදුරා බෝහොම සන්තෝස වෙන්ඩ ඇති තමන් කරපු වීරක්‍රියාව ගැන.අද කිසිම අනතුරක් නොඋනාට මේ අත්දැකීම හින්දා තවත් දවසක ලොකු අනතුරක් වෙන්ඩ පුළුවන්.ඒ අනතුරෙන් අහිංසක ජීවිත වලට හානි වෙන්ඩ පුලුවන්.දරුවන්ට දෙමව්පියන්,අඹුවන්ට සැමියන් වගේම රටට වැඩකට ඇති ජීවිත වලට හානි වෙන්ඩ පුළුවන්..... මගේ අදහස නම් අපි අනුන්ගෙ ජීවිත වල අවදානම ගන්ඩ හොඳ නෑ.අපේ ජීවිත වල අවදානම ගනිද්දි පවා දෙපරක් හිතන්නේ නැතුව දහපාරක්වත් හිතන්ඩ කියලා.මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකි නිසා.ඔයාලා මොකද හිතන්නේ....

14 comments:

  1. ඇයි මචන් ඔය වගේ බොරු කියලා අපේ මේ පින් බිම අපකීර්තියට පත් කරන්න හදන්නේ.. පුලුවන් නම් බස් රථයේ අංකයත් සදහන් කරන්න කියලා මම අභියෝග කොරනවා

    ReplyDelete
  2. මචං බොරු ලියලා Blog එකේ දාන්න මට උවමනාවක් නෑ..උබේ අභියෝගය මම භාර ගත්තා.මට දවස් දෙක,තුනක් දෙන්ඩ.හැබැයි බස් එකේ නම නම් ප්‍රියන්ති ට්‍රැවල්ස්.බස් අංකයි රියදුරගේ අංකයි ඔක්කොම දෙන්නම් ඉවසලා ඉන්ඩ...මම හිතන විදියට උඹ මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ලොක්කෙක් වෙන්ඩ ඇති..අපරදේ ඒ වෙලවේ උඹට Call එකක් දෙන්නයි මට තිබුනේ....

    ReplyDelete
  3. එක එක්කෙනා කියන කතා ගණන් ගන්න එපා පුංචි ගුරා. ඔහොම කතා ලංකාවේ තමා වෙන්නේ. නිකම් මොකටද බොරු හදලා කියන්නේ ?

    ඔන්න ඇමරිකාවේ වගේ බස් එකක ඔහොම දෙයක් වුණා නම් කියන්න පුළුවන් ඕක නම් අමූලික පට්ටපල් බොරුවක් කියලා . ඔයා ලියන්න අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
  4. හසිතට..
    උඹලා අපිව දිරිමත් කරනවා මචං..Any වගේ 10 හිටියනම් ඇති Blog ලියන හැමෝම නැති කරලා දාන්න.Blog එකක් ලියන කෙනාම තමයි දන්නේ මෙක ලියන එකේ රඟේ.නමක්වත් නැති එකෙක් කියන දෙවල් ගැන අපි තැවෙන්ඩ ඕනේ නෑ මචං.ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්....

    ස්තූතියි තනියට ලඟ හිටියට.

    ReplyDelete
  5. මේක ශ්‍රිලන්කාවනේ පුන්චි ගුරා......බස් එකක් ඔයිට වඩා ඔනතරම් ඩෙවල් වෙන්න පුලුවන්......අර උඩින්න්ම ප්‍රතිතර දක්වලා තියන හාදයානම්......බස් එකක ගිහින් නැතිපාටයි...කවදවත්.....ඒයාට තේරෙන්නේ නැත්තේ ..එකයි..ඔයා දිගටම ලියන්න ..අපි කියවනවා........

    ReplyDelete
  6. බස් කතා කිව්වාම මතක් වුණේ මේ තියෙන්නේ මම ලියපු බස් ගැන කතාවක්

    http://aagiyakatha.blogspot.com/2010/05/bus_20.html

    ReplyDelete
  7. මචෝ ... ගෙවන ගානෙ හැටියට තමා සේවාවත්.ඔයාට සැප පහසුවට යන්න ඕනෙ නම් කා එකක් රෙන්ට් එකට ගන්න තිබුනනෙ.අද කාලෙ රුපියල් 30-40 කට ඔය තරම් වත් සේවාවක් සපයන එක අගය කරපන්.

    ReplyDelete
  8. @dinesh:
    උඹ කාර් රෙන්ට් එකට දෙන කොම්පැණියක් කරන එකෙක්ද?
    එහෙමත් නැත්තං බස් අයිති කාරයෙක්ද? මං හිතන්නෙ බස් අයිතිකාරයෙක් නැත්තං කොන්දොස්තර කෙනෙක්. කොන්දො නිතරම කියන කතාවක්නෙ ඕක.
    මගේ බ්ලොග් එකටත් මේ කමෙන්ට් එකම දාලා තිබුණා.
    http://kumbakarnaya.blogspot.com/2010/05/blog-post_22.html#comments

    ReplyDelete
  9. @dinesh:
    මම මේ කියන්නේ ගෙවන ගානයි ලැබෙන සේවයයි ගැන නෙමයි මොන දේ කරත් වගකීමෙන් කරන්ඩ ඕනේ කියන එකයි.එදා මොනවහරි අනතුරක් වෙලා කගේ හරි ජීවිතයක් නැති උනානම් ඒක රුපියල්,ශත වලින් මනින්ඩ බැරිවෙයි....අනික සැපට යන්ඩ හිතාගෙන හැමෝම වාහන ගත්තොත් එවාට යන්ඩ පාරවල් එහෙමත් කඩේ විකුණන්ඩ තියෙයි....


    @කුම්භකර්ණයා:
    Comment එක නම් එමම තමයි මචං.

    ReplyDelete
  10. ඉතින් මචෝ බස් එකේ අනිත් කට්ටිය කොහොම වෙතත් උඹට තිබුනෙ බැහැල ඊලඟ බස් එකේ එන්නනෙ.නුවර ඉදන් මාතලේට විනාඩි 10න් 10ට බස් තියනවනෙ.මේ මචං උඹල අපිට ඔව්ව හදන්න යන්න බෑ.හරි, ඩ්‍රැවා වැරදියි කියමුකො.උඹල ඇයි බස් එකේ ලයිට් නෑ කියල දැනගෙනත් ඒකෙම ගියෙ.

    ReplyDelete
  11. හි හි.. පුංචි ගුරෝ.. අර උඩම කමෙන්ට් කාරයා පොඩි කින්ඩියක් දාලා තියෙන්නෙ උඹට නෙමෙයි කියල පොඩ්ඩක්වත් තේරුනේ නැද්ද?

    ReplyDelete
  12. @dinesh

    මචං ඔය සිද්ධිය උනේ වෙසක් දවසට කලින් දවසේ වෙනදා වගේ බස් විනාඩි 10 න් 10 ට තිබුනේ නෑ.ඔය බස් එකත් අල්ල ගත්තේ විනාඩි 45 හෝල්ට් එකේ කට්ට කාලා.බස් 3 විතර සෙනඟ හිටියා පොරකාලා තමයි ඕකට නැංගේ.බස් එකේ ගිය හැමෝම අවදානමක් අරගෙන තමයි ආවේ.නිකමට හිතපං පාරේ යන කවුරුහරි හැප්පුනානම් එහෙම.....ජපානේ වගේ නෙමෙයි බං මෙහේ....


    @Any
    නෑ මචං මම හිතුවේ ගේමට කියලනේ බං....

    ReplyDelete
  13. පිට එලියක් නැහ කිව්වෙ ??? ලයිට් නැතුවද එලියෙත් එලෙව්වෙ පොර ??? මාර මනුස්සයෙක් නේ...

    ReplyDelete
  14. @පිස්සා පලාමල්ල
    ඔව්,කිසිම එළියක් නෑ,වේගය අඩුත් නෑ.....

    ReplyDelete