මගේ පුංචි බෝනික්කි...




නුඹ දුටු ඒ මුල් දිනයේ
කිසිදා නොදැනුන හැඟුමක්
මගේ තුන් සිත පුරා දුවපු
හැටි දන්නේ නැහැ නුඹ නම්...

මගේ හීන මාළිගයේ
රැජිණිය කර ආදරයෙන්
දිවිය තිබෙන තුරා මගේ
නුඹ රැක ගන්නම්...

හිතන හිතන හැම දේමත්
පතන පතන හැම දේමත්
රෝස මලේ නුඹ ගැන බව
නුඹ දන්නවා නම්...

හුණු කඳුලැලි කැට වැටිලා
ඔය කම්මුල් තෙත් කරන්න
ඉඩ දෙන් නෑ කිසි දිනයක
මගේ පුංච් බෝනික්කියේ...

ඒ වෙනුවට හාදු තියා
සිනහ දියෙන් දෝවාලා
සුවඳ සඳුන් ගල්වන්නට
පොරොන්දු වෙන්නම්...

කදුලක ඝණකම




කදුලක ඝණකම නොදැනු නුඹේ සිත
මා හැර යන්නට සිත් දුන්නු
යලිත් ලබන්නට මාගේ සෙනෙහස
නුඹට හිමිද හදෙහින් අසනු

ලාලිත් පෙම් බස් සවන් පුරාවට
දවසට පැ‍යගනනක් ඇසුනු
පූජිත ආලය දමා ගියේ නම්
ඔබම තමයි අප අත රැදුනු

වැලි සයුරක වැලි කැට කැට ගානේ
දහස්වරක් හදවත බිදුනු
හැදුනොත් මගේ හිත තුරුලට එන්නම්
හැකිනම් නුඹ මග බලන් ඉනු...