අවලස්සන බොරුකාරි...


ආදරයෙන් හිත පිරිච්ච
එක දවසක හැන්දෑවක
යැව්වා කෙටි පණිවිඩයක්
මගේ හිත ගත් කුමාරියට...

සොයුරු පෙමින් එහාට ගිය
ආදරයක සුවය පතා
හිතන පතන වාට වඩා
ආදරේ කිව්වා...

කෙටි පණිවිඩ දහස් ගනණ්
හුවමාරුව හරි හරියට
අප දෙදෙනගේ පෙම් හවුලත්
ජයට සිදු උනා...

ඇගෙ තනියට ඈ යන මග
ඇයට හොරෙන් හෙමි හෙමීට
පිය මැන්නා රෑවෙන තුරු
ආදරේ හන්දා...

දෙමවුපියන් සොයුරු,සොයුරි
යන්ට වාඩා හිත පිරෙන්න
බාදුරු මල් කුමාරියට
ආදරේ කෙරුවා...

පෙම් කෙලි බස් කවට සිනා
උතුරා ගිය ආදරයට
බස් රථයේ අසුන් පෙලත්
සාක්ෂි දැරුවා...

ගිය සැරයේ උපන් දිනේ
මතකයි ළග උන්නා හැටි
ඔය සි‍යුමැලි අත් අල්ලා
නලලත සිම්ඹා...


සද එලියේ සදට හොරෙන්
මගේ ලය මත හිස තියාන
හාදු දුන්න හැටි මතකද
මගේ ආදර පෙම්බරීට...


හිස මත තබලා ඔය අත
උන් හැටි අමතක වී ඇත
මාව දමා යන්න කියා
ඇයි ඔබ සිතුවේ...


කදුළු සයුර මත තනි කර
මුලාවකත්ට මා හසු කර
ඉවත දමා යන්න කියා
ඇයි හිත දුන්නේ...


ඔය නෙත් වල මා නොදැක්ක
අවලස්සන බොරුකාරිය
හංගාගෙන මෙතුවක් කල්
ඇයි පෙම් කෙරුවේ...
බොරුවට
ඇයි පෙම් කෙරුවේ...